ආරම්භය
පුණ්‍ය භූමියක් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හතර ඇළ ජනපදයේ සුන්දර පරිසරයක සීවලී විද්‍යාලය පිහිටා තිබේ. 1948 ඔක්තෝබර් 20 වන දින මෙලොව ජනිත වූ සීවලී විද්‍යාලය මුලින්ම ආරම්භ කරන ලද්දේ ධර්මශාලවකය. එය පොල් අතු සෙවිලි කර බට ලී වලින් සෑදුනු තාවකාලික එකක් වූ අතර එහි එක් පැත්තකින් මැටි බිත්තියකින් වෙන් කොට ගුරු නිවාසය සකසා ගෙන තිබේ.
පුරෝගාමී හ විකාශනය වූ ආකාරය
ජනපද පිහිටුවීම සදහා ගිය නිළදාරීන් සහ කම්කරු පිරිස විසින් මේ පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වී තිබේ.මේ පිරිස විසින් පළමුව ආගම සදහා බිම් කොටසක් වෙන් කොට පසුව පාසල සදහා තාවකාලික ගොඩනෙගිල්ලක් ඉදිකොට තිබේ. ආගම සදහා වෙන්කෙරුනු ගොඩනැගිල්ල පසු කාලීනව ආවාසයක් තැනුන අතර එහි බී.ධ්ම්මරත්න නම් හිමි නමක් වැඩ සිටියහ.
පාසල් භූමියක් සකස් කිරීම සදහා රජයෙන් ම ඉඩමක් ලැබුන අතර මේ ස්තානයේ ඉදිරිපිට ම පොළොන්නරුව දිසාපති කාර්‍යාලය ද පිහිටා තිබුණි. මුස්ලිම් කොලනියකට අයත් බිම් කොටසකට මේ පාසල් බිම් කොටස පිහිටා තිබුණ අතර ,මහා මාර්ගයේ අනෙක් පස සිංහල කොලනිය පිහිටා තිබුණි. පාසල ආසන්නයේ ම බස් පිහිට තිබුණ අතර උතුරු දෙසින් රේල් පාර පිහිට තිබුණි.
මෙම පාසලේ මුල් ගුරුතුමා වූයේ J.M.ජිනදාස මහතාය.එතුමා පාසල ආරම්භකර මාස කිහිපයකට පමණ පසු පාසලේ වැඩ භාර ගනු ලැබූයේය.ඒ වන විට පාසල “කදුරුවෙල ගම” විද්‍යාලය නමින් හැදින්වීය.පාසලේ ඉගැන්වීම් කටයුතු සදහා දෙමල් අංශය හා සිංහල අංශයනමින් කොටස් දෙකකට බෙදා තිබුනු අතර සිංහල අංශයේ විදුහල්පති ඇතුලු ගුරුවරු පස් දෙනෙක් දෙමල අංශයේ ගුරුවරු දෙදෙනෙක්ද සේවය කළහ.ඒ වන විට ඒ අවට වෙනත් පාසල් නොතිබුන නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 200 පමණ මෙම පාසලේ ඉගෙනුම ලැබූහ.
මෙ ආකරයට ධර්ම ශාලාවක් තුල පාසල පවත්ව ගෙන යන අතරතුර පාසලට අධ්‍යාපනය ලැබීම පිණිස ඇතුලත්වන ශිෂ්‍ය සංක්‍යාව ක්‍රමයෙන් වැඩිවන්නට ගත් නිසා ඉඩ කඩ ප්‍රශ්න පැන නගින්නට විය. ඊත පිලියම වූයේ ප්‍රතමයෙන් හගුරු දෙගුරු රැස්වීමක් කැදවා සාකච්ඡා කොට පාසලට නව ගොඩනැගිල්ලක් තැනවීමට තීරණය කිරීමයි.එහි ප්‍රතිඵලයක් ලෙස පාසලට නැවතත් අලුත් ගොඩ නැගිල්ලක් හිමි වීය. ක්‍රමයෙන් ගොඩනැගිලි සංඛ්‍යාව දෙකක් වීය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී 4 ඇළ ජනපදයේ මධ්‍ය කොටසේ පහත් බිම් කොටසක පාඨමාලාවක් හා ගුරු නිවාසයක් තැනීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තී රණය කරන ලදී. පසුව පඨශාලාව සදහා ගොඩනැගිල්ල තනා උලු සෙවිලි කරන අවස්තාවේ ශක්තිමත් බව මද බැවින් කඩා වැටී විනාශ විය. පසුව ඒ ස්තානය ආසන්නයේම පිහිටි තරමක් උස් බිමක පාඨශාලාව හා ගුරු නිවාසය තනන ලදී. පසුව 1952 වසරේ ඔක්තෝබර් මස 04 දින නව පාඨශාලාව විවෘත කරන ලදි. විහාරස්තානය අසල පවතවාගෙන යාම අවහිරයක් වීය.එම නිසා 4ඇළ ජනපදයේ අලුත් පාඨශාලාව වෙත කදුරුවෙලගම පාසල එනමින්ම පවත්වාගෙන යන ලදි. මෙහිදී දෙමළ අංශයේ සිසුන් මුස්ලිම් කොලනියේ වෙනත් පාසල වලට ඇතුලත් විය. මේ වන විට ගුරුදෙගුරු සමිතිය ,මහිලා සමිතිය,ග්‍රාම සංවර්දන සමිතිය ,බෞද්ධ සමිතිය ආදී සමිතීන් පාසලේ දියුණූව උදෙසා පවත්වාගෙන යනු ලැබීය.කදුරුවෙල ගම නමින් එතෙක් හැදින්වූ පාසල අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අනුමෙතිය සහිතව සීවලී විද්‍යාලය යනුවෙන් නම් කිරීමට විදුහල්පති තුමා ඇතුලු ඇදුරුමඩුල්ල තීරණය කලහ. මෙසේ නම වෙනස් කිරීම පාසල වඩාත් ජනප්‍රියත්වයට පත්වීමට හේතු විය.