නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සීවලි මහා විද්‍යාලය

පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 4ඇළ ප්‍රදේශයේ පිහිටි අප පාසල හරිත පරිසරයක් තුළ ස්ථාපිත ආකර්ෂණීය පාසලකි. ප්‍රදේශයේ කැපී පෙනෙන පාසල් කිහිපයක් අතුරින් එකක් වන උමැප/පො/පො/තමන්/සීවලී මහා විද්‍යාලය දක්ෂතා පිරිපුන් සීවලී දූ පුතුන් 1350 කගෙන් සමන්විත උසස් පෙළ කලා විෂය ධාරාව සහිත1–13ශ්‍රේණි ස්ථාපිතව ඇති1Cවර්ගයේ පාසලකි.
නොදුටු ලොවක සුන්දර සිහින දකින්නට හෙමි හෙමිහිට පියමනින සීවලී දූ පුතුන්ගේ නැණ පහන් දල්වමින් ජාත්‍යන්තරය ජයගන්නටත් සුන්දර මිනිසෙකුව තනිව නැගී සිට එක්ව ජීවත්වන්නටත් මඟ හසර පාදා දීම අප පාසලේ සාමුහික වගකීමයි.සෑම නිමේශයක්ම කැප කරමින් දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමට කැපවුනු ආදරණීය ගුරු මඩුල්ලටත් දක්ෂතා පිරිපුන් විනය ගරුක සීවලී දූ පුතුන්ටත් පාසල වෙනුවෙන් මාගේහදපිරි සුභ පැතුම්.
ඩබ් එම් එන් කේ වාසල
නි/වි/පරිපාලන